arrival-of-minister-patali-champika-ranawaka-lrdc

මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය ගරු පාඨලී චම්පික රණවක මැතිතුමා 2017 ජනවාරි 04 වන දින LRDC සේවා සමාගමට සම්ප්‍රාප්ත වූ අතර එදින කාර්යාල සේවකයන්ගේ උසස්වීම් සහ ස්ථීර කිරීම්ද, නව පත්වීම්ද ප්‍ර‍දානයද සිදුවිය. උත්සවය අවසානයේදී එතුමා ප්‍ර‍කාශ කර සිටියේ රාජ්‍ය භාණ්ඩාගාරයට බරක් නොවී, අමාත්‍යාංශය යටතේ ඇති ස්වයං ලාභ උපයන ආයතනයක් ලෙස අප සමාගම හැඳින්විය හැකි බවයි.


පෙර වර්ෂයන්ට වඩා ගෙවුනු 2016 වසරේ ආදායම ඉහල බවත් ආයතනය විසින් සේවයේ යොදවා ඇති ආරක්‍ෂක නිලධාරීන්ගේ සංඛ්‍යාවද ඉහල බව කළමණාකාර අධ්‍යක්‍ෂක බන්දුල චන්ද්‍රසේකර මහතා නව වසරේ කාර්යාල කටයුතු ආරම්භ කරන දිනයේ LRDC සේවා ප්‍ර‍ධාන කාර්යාලයේ කාර්ය මණ්ඩලය අමතා ප්‍ර‍කාශ කල සිටියේය. එදින උදෑසන පැවැත්වූ ආගමික වතාවලින් පසුව සියළු කාර්යාල සේවකයන් රාජ්‍ය සේවකයන් සඳහා වන දිව්රුම් දීමද කරන ලදී.

තවද, පාලනාධිකාරියේ නව සැලසුම් සමඟ LRDC ආයතනය ආරක්‍ෂක ක්ෂේත්‍රයේ නව තාක්‍ෂණික ඉසව් සඳහා එලඔ ඇති බවත්, විශිෂ්ඨ පුහුණුවක් සහිත වෘත්තිමය සිවිල් ආරක්‍ෂ නිලධාරියෙකු බිහිකිරීම ආයතනයේ අරමුණ බවත් පැවසීය.

හා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඇති නාගරික සංවර්ධන අධිකාරියට අයත් කොළඹ කොටුව පිහිටි මැණික් හා ස්වර්ණාභරණ සාප්පු සංකීර්ණය හා ආකේඩ් නිදහස් චතුරස්‍රය සඳහා ආරක්‍ෂාව සැපයීමට LRDC සේවා සමාගම 2016 දෙසැම්බර් 15වන දින සිට ගිවිසුම් අත්සන් කරනු ලැබීය. නිලධාරින් 40කට ආසන්න සංඛ්‍යාවක් යොදවමින් සැමවිටම ආරක්‍ෂාව සුරක්‍ෂිත කිරීමට එල්ආර්ඩීසී සමාගම ඇප කැප වී සිටියි.

මේ අතර සබරගමුව විශ්ව විද්‍යාලය, රුහුණු විශ්ව විද්‍යාලය මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යටතේ පවත්වන ජාත්‍යාන්තර තරඟාවලි සඳහා සිවිල් ආරක්‍ෂක සේවය සැපයීමට, LRDC සමාගමට දැන් අවස්ථාව ලැබී ඇත.

මහනුවරට කලාපයට ජය...!

LRDC සේවා සමාගමේ අනෝන්‍යාධාර සංගමය විසින් සංවිධානය කරන ලද මහා ක්‍රිකට් තරඟාවලි‍යේ අවසාන තරඟය, 2017 ජනවාරි 08 වන දින නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගනයේදී උත්සවාකාරයෙන් පැවැත්වුණි. LRDC සමාගමේ සභාපති අසේල ඉද්දවෙල මහතා මෙදින සහභාගී වූ සියළුම ක්‍රීඩකයින් හට සුභාශිංෂන එක් කළේය. මෙහිදී කොළඹ කණ්ඩායම පරදා ශූරතාවය දිනා ගැනීමට මධ්‍යම පළාත් කණ්ඩායම සමත් වූ අතර හොඳම පිතිකරු, හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙස තේරී පත්වුනු මධ්‍යම පළාත් ක්‍රීඩක ජනක කුමාරට ජාතික සැහැල්ලු පන්දු සංචිතය සඳහා ඇරයුම් කිරීමද විශේෂත්වයකි.

LRDC අධ්‍යක්‍ෂ මණ්ඩලය

අසේල ඉද්දවෙල මහතා
සභාපති
සභාපති - ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාව

රොෂාන් ගුණවර්ධන මහතා
ක්‍රියාකාරී අධ්‍යක්‍ෂ

පි.ජී. කුමාරසිංහ මහතා
අධ්‍යක්‍ෂ
සභාපති - ශ්‍රී ලංකා ටෙලිකොම්

ලලිත් විජේසේකර මහතා
අධ්‍යක්‍ෂ
අධ්‍යක්ෂක - ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය

රියර් අද්මිරාල් (විශ්‍රාමික) ජේ.සී. හෙට්ටිගම
අධ්‍යක්‍ෂ

බන්දුල චන්ද්‍රසේකර මහතා
අධ්‍යක්‍ෂ
කළමණාකරණ අධ්‍යක්ෂක - LRDC සේවා (පුද්) සමාගම

කිිර්ති පෙරේරා මහතා
අධ්‍යක්‍ෂ
සාමාන්‍යාධිකාරි - ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ පුද්ගලික සමාගම (REDECO)

ශ්‍රීමතී සේනාධීර මිය
අධ්‍යක්‍ෂ
සාමාන්‍යාධිකාරි - ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාව

දිස්නා අමරසිංහ මිය
සමාගම් ලේකම්
ප්‍රධාන නීති නිලධාරිනි, ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාව

සර 12ක නිහතමානී හා කාර්යක්‍ෂම සේවයක නිරත වූ හිටපු පරිපාලන නිලධාරී ආර්.පී.ලක්‍ෂ්මන් රාජපක්‍ෂ මහතාගේ විශ්‍රාම ගැනීම සඳහා පැවැත්වුනු උපහාර පිදීමේ සහ සේවය ඇගයීමේ උත්සවයක් 2017 ජනවාරී මස 23වන දින කාර්යාල පරිශ්‍රයේදී කළමණාකාර අධ්‍යක්‍ෂක බන්දුල චන්ද්‍රසේකර මහතාගේ ප්‍ර‍ධානත්වයෙන් පැවැත්විණි.

තුරු පළාතේ පිහිටි යාපනය රාජ්‍ය ඔසු සල, මන්නාරම සහ වව්නියාව HDFC බැංකු මෙන්ම මන්නාරම පිහිටි ප්‍රාදේශිය ලේකම් කාර්යාලය සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වැනි ප්‍ර‍ධාන රාජ්‍ය ආයතන වල ආරක්‍ෂාව සහතික කිරීම සඳහා ආරක්‍ෂක නිලධාරීන් යෙදවීමට වසර ගණනාවක ආරක්‍ෂක ක්ෂේත්‍රයේ පලපුරුද්ද ඇති එම්.ආර්.කිරුපාකරන් මහතා 2017 ජනවාරි 02 දින සිට අප ආයතනය හා එක්විය.

කළාප කළමණාකාර ආර්.ජී. උදය කුමාර මහතා


LRDC සේවා සමාගමේ කළාප කළමණාකාරවරයෙකු වශයෙන් සේවය කරන ආර්.ජී.උදය කුමාර මහතා 1996 වර්ෂයේදී සේවයට බැඳුනි. සේවා ස්ථාන 53ක සිටින ආරක්‍ෂක නිලධාරීන් 462ක් මොහු යටතේ සේවය කරන අතර සුවසිරිපාය, ජාතික අක්‍ෂි රෝහල, මහරගම පිළිකා රෝහල, ජල සම්පාදන ප්‍ර‍ධාන කාර්යාලය, කොටුව HDFC බැංකුව සහ ටෙලිකොම් ප්‍ර‍ධාන කාර්යාලය වැනි දිවයිනේ ප්‍ර‍ධාන ස්ථානවල පරීක්‍ෂාව සහ ආරක්‍ෂක නිලධාරීන් යෙදවීමේ කාර්යක්‍ෂම සේවයක් මොහු විසින් ඉටු කරයි.

LRDC සේවා (පුද්) සමාගම
28/10, කිරිමණ්ඩල මාවත, නාවල, රාජගිරිය, ශ්‍රී ලංකාව.
දු.ක: (+94) 11 2 861 948
ෆැක්ස්: (+94) 11 2 888 295
විද්‍යුත් ලිපිනය: info@lrdcservices.com