If you can't see this message, view it in your browser.

2016 මැයි 17 වන දින අරණායක ප්‍රදේශයේදී සිදුවු නාය යෑමෙන් අවතැන් වූ ආරක්‍ෂක නිලධාරි ධනුෂ්ක රුවන් සෙනවිරත්නට, ශ‍්‍රි ලංකා ඉඩම් ගොඩකිරිමේ හා සංවර්ධනය කිරිමේ සංස්ථාවේ ‘ආපදා සහන අරමුදල‘ මගින් රුපියල් ලක්‍ෂ 9ක මුදලක් සහානාධාර ලෙස 2017 මාර්තු 11 වන දින LRDC සේවා සමාගම විසින් නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වූ ‘සුරක්ෂා අභිමන්‘ උපහාර උළෙලේ දී, මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය ගරු පාඨලී චම්පික රණවක මැතිතුමාගේ සුරතින් ප්‍ර‍දානය කල වගයි.

කොළඹ පිහිටි මහනාම විදුහල සහ ඩී.එස් සේනානායක විදුහල අතර පැවැත්වෙන ‘රන් සටන‘, ගාල්ල මහින්ද විදුහල සහ රිච්මන්ඩ් විදුහල අතර පැවැත්වෙන ‘ආදරවන්තයින්ගේ සටන‘, ඉසිපතන විද්‍යාලය සහ තර්ස්ටන් විදුහල අතර පැවැත්වෙන වාර්ෂික ක්‍රිකට් තරඟය සහ ශාන්ත පීතර විදුහල සහ ශාන්ත ජෝසප් විදුහල අතර පැවැත්වෙන ‘ශාන්තුවරයන්ගේ සංග්‍රාමය‘ වැනි ජනප්‍රිය වාර්ෂික ක්‍රිකට් තරඟ සඳහා දැන් LRDC සේවා සමාගම ආරක්‍ෂාව සපයයි. ලංකාවේ තවත් එක් ජනප්‍රිය ක්‍රීඩාවක් වන රග්බි තරඟ සඳහා ද ආරක්‍ෂාව සැපයීමට LRDC සේවා සමාගම දැන් පියවර ගෙන තිබේ. ශාන්ත පීතර විදුහල සහ ඉසිපතන විදුහල, ශාන්ත පීතර සහ ශාන්ත ජෝසප් විදුහල අතර පැවැත්වෙන රග්බි තරඟ සඳහා 100කට ආසන්න ආරක්‍ෂක නිලධාරීන් යොදාගනිමින් ප්‍රේ‍ක්‍ෂකයන්ගේ සහ තරඟකරුවන්ගේ ආරක්‍ෂාව සහතික කිරීමට අප ඇප කැප වී සිටියි.

Suraksha Abhiman Official Web Ad

LRDC සේවා සමාගමේ, සමාගම් ලේකම්ධුරයේ සහ ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවේ ප්‍ර‍ධාන නීති උපදේශක ලෙස කටයුතු කල දිස්නා අමරසිංහ මහත්මියගේ විශ්‍රාම ගැනීම 2017 මාර්තු 22වන දිනට යෙදී තිබුණි. අප සමාගමේ ආරම්භයේ සිටම වසර 18ක සේවාවේදී, සමාගම වෙනුවෙන් විශාල දායකත්වයක් දැක්වූ මෙතුමියගේ විශ්‍රාම දිවියට LRDC සමාගමේ කළමණාකාරීත්වය සහ කාර්ය මණ්ඩලය එක සිතින් සුභ ප්‍රාර්ථනා කරයි.

රජයට අනුබද්ධිත ආරක්‍ෂක සේවයක් වූ රක්නා ලංකා ආරක්‍ෂක සේවයේ නියුතු ආරක්‍ෂක නිලධාරීන් LRDC සේවා සමාගම යටතට බඳවා ගැනීමට විශේෂ කැබිනට් පත්‍රිකාවක් ආරක්‍ෂක අමාත්‍ය අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර අැති බැව්, මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය ගරු පාඨලී චම්පික රණවක මැතිතුමා මාර්තු 11වන දින නෙළුම් පොකුණ රඟහලේදී පැවති “සුරක්‍ෂා අභිමන්“ උපහාර උළෙලෙදී උත්සව සභාව අමතා ප්‍ර‍කාශ කළේය.
රක්නා ලංකා ආරක්‍ෂක සමාගමේ ගොඩබිම් ආරක්ෂක නිලධාරීන් LRDC සමාගම සඳහා අනුයුක්ත කිරීමේදී අදාළ කටයුතු සිදුකිරීම සඳහා, අමාත්‍යාංශ මට්ටමේ විශේෂ කමිටුවක් පත්කොට, එමඟින් අදාළ තීන්දු තීරණ ගැනීමට නියමිත බැව් වාර්ථා වේ.

සුරක්‍ෂා අභිමන් උළ‍ෙල හා සමගාමීව LRDC සේවා සමාගම සඳහා නව නිල ඇඳුමක් හඳුන්වා දෙන ලදී. අපගේ සේවාව තවත් පුළුල් කිරීමේ අමුණින් නව මුහුණුවරකින් නව තාක්‍ෂණික ක්‍ර‍මවේදයන් සමඟින් LRDC සමාගම දැන් ඔබට සේවා සපයයි.
මේ අතරම ආයතනයේ නිළ වෙබ් අඩවිය සහ නිළ ධජය, මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය ගරු පාඨලී චම්පික රණවක මැතිතුමා අතින් එදින එළි දැක්වුණි.

LRDC සේවා සමාගමේ කුසලතා පූර්ණ නිලධාරීන් සහ නිලධාරිනියන්ගේ ගායන, වාදන, නර්තන දක්ෂතා අගයා ‘සුරක්‍ෂා අභිමන්‘ උළෙලේදී සහතික සහ සම්මාන ප්‍රද‍ානය කරන ලදී. ප්‍ර‍වීන කලාකරුවන්ගෙන් සමන්විත විද්වත් විනිශ්ච මඩුල්ලක් යටතේ තෝරා ගන්නා ලද අයවළුන් එදින තමන්ගේ කුසලතා එළි දැක්වීමටද අවස්ථාවක් ලබා ගත්තේය. ගායන සහ වාදන අංශයේ ප්‍ර‍ථම ස්ථානය, දෙහිවල ඇලන් මාවතේ පිහිටි ජාතික ජල සම්පාදනයට අයත් පොම්පාගාරයේ ආරක්‍ෂක නිලධාරියෙකු වශයෙන් සේවය කරන P.C.P. කුමාර විසින් දිනාගන්නා ලදු අතර මහනුවර ප්‍රදේශයේ පිහිටි ජාතික ජල සම්පාදනය යටතේ ඇති සේවා ස්ථානයක සේවය කරන කාන්තා ආරක්‍ෂක නිලධාරිනි ජීවනී කුමාරි විසින් නර්තන අංශයේ ප්‍ර‍ථම ස්ථානය දිනාගන්නා ලදී.

කළාප කළමණාකරු - W.M.S.L. බණ්ඩාරනායක

LRDC සේවා සමාගමේ කළාප කළමණාකාරවරයෙකු වශයෙන් සේවය කරන W.M.S.L. බණ්ඩාරණායක මහතා 1996 සිට අප සමාගමේ සේවය කරන අතර 2001 වර්ෂයේ සිට කලාප කළමණාකරුවෙකු වශයෙන් සේවය කරයි. අනුරාධපුර සහ පොළොන්නරුවේ පිහිටි සේවා ස්ථාන 46ක සේවය කරන ආරක්‍ෂක නිලධාරීන් 250කට ආසන්න සංඛ්‍යාවක් මොහු යටතේ සේවය කරන අතර අනුරාධපුර මහ රෝහල, පොළොන්නරුව මහ රෝහල, අනුරාධපුර පළාත් සභාව සහ අනුරාධපුර පොළොන්නරුව පිහිටි සියළුම HDFC බැංකු සහ ජාතික ජල සම්පාදන මණ්ඩලයට අයත් සියළුම සේවා ස්ථාන වල ආරක්‍ෂාව සහතික කරමින් ආරක්‍ෂක නිලධාරීන් යෙදවීමේ මහඟු සේවයක් ඔහු විසින් ඉටු කරයි.

LRDC සේවා (පුද්) සමාගම
28/10, කිරිමණ්ඩල මාවත, නාවල, රාජගිරිය, ශ්‍රී ලංකාව.
දු.ක: (+94) 11 2 861 948
ෆැක්ස්: (+94) 11 2 888 295
විද්‍යුත් ලිපිනය: info@lrdcservices.com

Visit our Official Website

Follow us on Facebook

Susbcribe us on Youtube