If you can't see this message, view it in your browser.

ජාත්‍යන්තර වෙසක් දිනය නිමිත්තෙන් LRDC සේවා සමාගමේ අනෝන්‍යාධාර සමිතිය සංවිධානය කල "සුවසෙත" සමාජ සත්කාරක වැඩසටහන යටතේ ලේ දන්දීමේ පින්කමක් සහ නොමිලේ වෛද්‍ය සායනයක් 2017 මැයි 9 වන දින උදෑසන 9 සිට LRDC සේවා සමාගමේ ප්‍ර‍ධාන කාර්යාලය ඉදිරිපිටදී පැවැත්විණි.

මෙහිදී කිරිමණ්ඩල මාවත අවට සිටින ප්‍රදේශවාසීන් සහ යාබද ආයතනවල සිටින සේවක මහත්ම මහත්මීන් විශාල සංඛ්‍යාවක් පැමිණ නොමිලයේ දියවැඩියාව, කොලස්ටරෝල්, අධික රුධිර පීඩනය, ඩෙංගු රෝගය රුධිර සාම්පල් පරික්‍ෂා කරගත් අතර, දන්ත වෛද්‍ය සායනය, අක්‍ෂි සායනය සහ බාහිර රෝගී සායනයටද රෝගීන් විශාල සංඛ්‍යාවක් සහභාගී වුණි. රුධිර පරිත්‍යාගශීලින් විශාල ප්‍ර‍මාණයක් ලේ දන්දීමේ කටයුතු සඳහා සහභාගී වූ අතර, අක්‍ෂිදාන සංගමය මඟින් පවත්වන ලද ඇස් දන්දීමේ වැඩසටහන මඟින් ද ඇස් දන්දීම සඳහා විශාල පිරිසක් කැමැත්ත ප්‍ර‍කාශ කරන ලදී.

මෙම කටයුතු සාර්ථක කර ගැනීම සඳහා සෞඛ්‍ය ආමාත්‍යාංශය සහ ඊට අනුබද්ධ ආයතන වන ජාතික ලේ බැංකුව, අක්‍ෂි රෝහල, දන්ත රෝහල, වෛද්‍ය සැපයුම් ආයතනය මඟින් සහභාගීවූ වෛද්‍යවරුන් සහ කාර්ය මණ්ඩලයට අප සමාගමේ විශේෂ ස්තූතිය ප්‍ර‍කාශ කර සිටින අතර නෙස්ලේ ලංකා සමාගම, සිලෝන් බිස්කට් සමාගම, මැලිබන් බිස්කට් සමාගම සහ ජා-ඇල පමුණුගම සිංහ සමාජය සහ අනෙකුත් අනුග්‍ර‍හක භවතුන් ලබාදුන් අනුග්‍ර‍හකදායකත්වය සඳහා අප ආයතනයේ සහ අනෝන්‍යාධාර සමිතියේ ස්තූතිය පළකර සිටිමු.

වැඩිදුර ඡායාරූප සඳහා

ජාත්‍යන්තර වෙසක් දිනය නිමිත්තෙන්, මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය සමඟ කථානායක කාර්යාලය එක්ව සංවිධානය කරනු ලැබූ දියවන්නා වෙසක් කලාපයේ විවිධ පුණ්‍ය කටයුතු සඳහා LRDC ආයතනයේ සේවක මඩුල්ලේ බැතිබර දායකත්වය නොමඳව ලබා දුණි. ගරු අමාත්‍ය පාඨලී චම්පික රණවක ඇමතිතුමා, ගරු කථානායක කරු ජයසූරිය මැතිතුමාගේ උපදේශකත්වය මත අප ආයතනයේ සභාපති අසේල ඉද්දවෙල මහතාගේ සංවිධානාත්මක මඟපෙන්වීම යටතේ දියවන්නා වෙසක් කලාපයේ විවිධ අවස්ථාවන්ට අප කාර්ය මණ්ඩලය එක්වූ අවස්ථා පහත වේ.

අසිරිමත් වෙසක් පොහොය දින පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරණායක විශේෂිත ළමා රෝහලේ ආරක්‍ෂක අංශය විසින් ෆ්‍ර‍යිඩ් රයිස් දන්සලක් සංවිධානය කරන ලදී. රෝහල් අධ්‍යක්‍ෂ H.M.K.R.හේරත් මහතා විසින් එම දන්සල විවෘත කරන ලද අතර LRDC සේවා සමාගමේ මධ්‍යම පළාත් කලාප කළමණාකාර M.ජයසිංහ මහතා ප්‍ර‍මුඛ රෝහල් ආරක්‍ෂක අංශය විසින් 12වන වරටත් මෙම දන්සල අතිසාර්ථක අයුරින් සංවිධානය කර තිබුණි.

ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ වැඩබිම් මෙන්ම, ඉදිවන නව මහල් නිවාස සඳහා විශේෂයෙන් සැකසුනු ආරක්‍ෂක පද්ධතියක් LRDC ආයතනය විසින් හඳුන්වා දී ඇත. නව සුහුරු තාක්‍ෂණ පද්ධති මෙන්ම මිනිස් බලය උපයෝගි කරගනිමින් සේවාලාභීන්ගේ ඒ ඒ ස්ථානවල අනාරක්‍ෂිත තර්ජන පිළිබඳ මනා ඇගයීමකින් අනතුරුව එකී සේවාවන් සැපයීමට LRDC සමාගම කැපවී ඇත.

LRDC සමාගමට පරිපාලන කටයුතු කාර්යක්‍ෂමව හා ඵලදායීව ඉටුකිරීම පිණිස නව තොරතුරු කළමණාකරණ පද්ධතියක් හඳුන්වාදුනි. ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට අනුබද්ධිත සමාගමක් වන "Human Capital Solutions" සමාගම මෙහි නිර්මාණ දායකත්වය හෙබවීය. පැරණි පද්ධතියේ ඇති යෙදුම්වලට අමතරව නව යෙදුම්ද හඳුන්වාදෙමින් ආයතනයේ සේවකයින්ට සහ රාජකාරියේ යෙදෙන ආරක්‍ෂක නිලධාරීන් සහ නිලධාරිනියන් හට මනා පිටිවහලක් වීමට නව පද්ධතිය සමත් වෙතැයි ආයතනයේ පරිපාලනය අදහස් කරයි.

ශ්‍රී ලංකා පදනම් ආයතනය හා එක්ව සකස් කරන LRDC සේවා සමාගමේ ඉදිරි තෙවසරක සංයුක්ත සැලැස්ම මේ වන විට අවසන් අදියරේ පවතී. ආයතනයේ දැක්ම, මෙහෙවර ඉටුකරගැනීම සඳහා වූ ක්‍ර‍මවේදයන් සහ නව උපක්‍ර‍ම අනුව ඉදිරි වසර තුන ඇතුළත වඩාත් සාර්ථක ඉදිරි පියවරක් තැබීමට LRDC සමාගම ඉන් අපේක්‍ෂා කෙරේ.

කළාප කළමණාකරු - A.P. කුලසිංහ මහතා

LRDC සේවා සමාගමේ කළාප කළමණාකාරවරයෙකු වශයෙන් සේවය කරන A.P. කුලසිංහ මහතා 1999 සිට අප සමාගමේ සේවය කරන අතර 2012 වර්ෂයේ සිට කලාප කළමණාකරුවෙකු වශයෙන් සේවය කරයි. හොරණ සහ කළුතර පිහිටි සේවා ස්ථාන 40ක සේවය කරන ආරක්‍ෂක නිලධාරීන් 142කට ආසන්න සංඛ්‍යාවක් මොහු යටතේ සේවය කරන අතර කළුතර නාගොඩ මහ රෝහල, කළුතර සෞඛ්‍ය විද්‍යායතනය සහ හොරණ, කළුතර පිහිටි සියළුම HDFC බැංකු සහ කළුගඟ ජල පවිත්‍රාගාරය වැනි සේවා ස්ථාන වල ආරක්‍ෂාව සහතික කරමින් ආරක්‍ෂක නිලධාරීන් යෙදවීමේ මහඟු සේවයක් ඔහු විසින් ඉටු කරයි.

LRDC සේවා (පුද්) සමාගම
28/10, කිරිමණ්ඩල මාවත, නාවල, රාජගිරිය, ශ්‍රී ලංකාව.
දු.ක: (+94) 11 2 861 948
ෆැක්ස්: (+94) 11 2 888 295
විද්‍යුත් ලිපිනය: info@lrdcservices.com

Visit our Official Website

Like us on Facebook

Follow us on twitter

Susbcribe us on Youtube