If you can't see this message, view it in your browser.

LRDC සේවා සමාගම නව සංධිස්ථානයක් සනිටුහන් කරමින් ආරක්‍ෂක නිලධාරීන් සහ අනෙකුත් වෘත්තිකයන් විදේශ රටවල්වල රැකියා සඳහා යොමුකිරීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් විදේශ රැකියා සඳහා වන බලපත්‍ර‍ය පසුගියදා LRDC සේවා සමාගමට හිමිවිය.

ඒ අනුව ඊට අදාළ විදේශ රැකියා අවස්ථාවන් හඳුනාගැනීමේ කටයුතු සහ නෛතික කටයුතු මේ දිනවල සිදුකෙරෙමින් පවතී. ශ්‍රී ලංකාවට ලැබෙන විදේශ විනිමය ඉහළ නැංවීම සහ LRDC ආරක්‍ෂාවේ නාමය ජාත්‍යන්තරයටත් රැගෙන යාමට හැකිවී ඇති බව සාඩම්බරයෙන් ප්‍ර‍කාශ කර සිටිමු.

පසුගියදා ඇතිවූ ගංවතුරින් අසරණ වූ ජනතාවට සරණක් වීමට LRDC ප්‍ර‍ජා සත්කාරක සේවය පියවර ගත්තේය. මහා නගර සහ බස්නාහිර සංවර්ධන ගරු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ උපදෙස් පරිදි සභාපති අසේල ඉද්දවෙල මහතාගේ සහ කළමණාකාර අධ්‍යක්‍ෂක බන්දුල චන්ද්‍රසේකර මහතාගේ මෙහෙයවීමෙන් LRDC ප්‍ර‍ජා සත්කාරක සේවය බුලත්සිංහල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය තුළ ක්‍රියාත්මක විණි.

LRDC සේවා සමාගමේ සේවයේ නියුතු ආරක්‍ෂක නිලධාරීන් 80ක් පමණ දින 4ක් පුරා මෙම කර්තව්‍යය සඳහා ස්වෙච්ඡාවෙන් සහභාගී වූ අතර එම ප්‍රදේශයේ පිහිටි නිවාස, ළිං සුද්ධ පවිත්‍ර‍ කරමින් ජන ජීවිතය නැවත නඟා සිටුවන්නට ශක්තියක් ලබා දෙන ලදී. ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවේ යන්ත්‍රෝපකරණ අංශයද මේ සඳහා අප සමඟ අත්වැල් බැඳගත්තේය.

මුල්ලේරියාව අංගොඩ මානසික රෝහලේ නියුතු LRDC ආරක්‍ෂක නිලධාරීන්හට අංග සම්පූර්ණ මුර කුටියක් ජූනි 15වන දින කළමණාකාර අධ්‍යක්‍ෂ බන්දුල චන්ද්‍රසේකර මහතාගේ් සහභාගීත්වයෙන් විවෘත විය. කාලයක සිට අවශ්‍යතාවයක්ව පැවති මෙම මුර කුටිය නිලධාරීන්ට රාජකාරී නිසියාකාරව ඉටු කිරීමට මනා පිටිවහලක් වනු බව නොඅනුමානය. මේ සඳහා මුල්තැන ගෙන කටයුතු කළ රෝහල් අධ්‍යක්‍ෂක වෛද්‍ය කපිල වික්‍ර‍මනායක මහතා සහ එම රෝහලේ පාලනාධිකාරියහට LRDC සේවා සමාගමේ සහ මුල්ලේරියාව අංගොඩ මානසික රෝහලේ නියුතු ආරක්‍ෂක නිලධාරීන්ගේද හදපිරි ප්‍ර‍ණාමය මෙසේ එක්කරමු.

LRDC සේවා සමාගමේ සේවක සුභ සාධක සමිතියේ සාමාජිකයන් සඳහා වූ සුභ සාධක දීමනා මේ මස සිට වැඩිකර ඇති බව සතුටින් දන්වා සිටිමු. එක් මසක් තුළ ක්‍ෂණික ණය මුදල් 100ක් ලබාදීමටත්, වසර 5ට වැඩි සේවා කාලයක් සපුරා ඇති සාමාජිකයන්ට සහන පදනම යටතේ විශේෂ ණය ක්‍ර‍මයක්ද හඳුන්වා දී ඇත.

ජාත්‍යන්තර වෙසක් දිනයට සමගාමීව LRDC සේවා සමාගම විසින් සංවිධානය කළ 'ලේ දන්දීමේ පින්කම සහ නොමිලේ පැවැත්වූ වෛද්‍ය සායනයේදී' හඳුනාගත් අක්‍ෂි රෝගීන් 5දෙනෙකු සඳහා නොමිලයේ ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්ම කර දීමට දිස්ත්‍රික්ක 306/B/1 පමුණුගම ජා-ඇල සිංහ සමාජය ඉදිරිපත් වී ඇති බව සතුටින් දන්වා සිටිමු. නාරහෙන්පිට ප්‍රේමවති දිසානායක, ලලනි සුභසිංහ, කුසුමා වීරසිංහ සහ හංවැල්ලේ රේනුකා ප්‍රියන්ති සමඟින් කිරුලපන K.A.ශෙල්ටන් මේ සඳහා තෝරාගෙන ඇත. මේ සඳහා සහයෝගය ලබා දුන් පමුණුගම ජා-ඇල සිංහ සමාජයේ සභාපතිනි මේරියන් රාජ්කුමාර් මහත්මිය ඇතුළු ජා-ඇල පමුණුගම සිංහ සමාජයේ සියළුම සාමාජිකයන්ට අප ස්තූතිවන්ත වෙමු.

කපිතාන් (විශ්‍රාමික) අතුල පල්ලාවෙල මහතා
කළාප කළමණාකරු

LRDC සේවා සමාගම විසින් සංවිධානය කළ “සුරක්‍ෂා අභිමන්” උළෙලේදී දිවයිනේ විශිෂ්ටතම කළාප කළමණාකරු වශයෙන් සම්මාන ලද අතුල පල්ලාවෙල මහතා 2010 වර්ෂයේ සිට අප සමාගමේ කළාප කළමණාකරුවෙකු වශයෙන් සේවය කරයි. ගාල්ල කරාපිටිය රෝහල, මහමෝදර රෝහල, මාතර මහ රෝහල, රුහුණු විශ්ව විද්‍යාලය සහ මාතර හා තංගල්ල පිහිටි HDFC බැංකු මෙන්ම රුහුණ ප්‍රදේශයට අයත් සියළුම බස් ඩිපෝ සහ මාතර සහ හම්බන්තොට පිහිටි ජල සම්පාදන මණ්ඩලයේ ආයතන/ පොම්පාගාර ඇතුළුව සේවා ස්ථාන 56ක සේවය කරන ආරක්‍ෂක නිලධාරීන් සහ නිලධාරිනියන් 260කට ආසන්න ආරක්‍ෂක නිලධාරීන් සහ නිලධාරිනියන් නිසි ලෙස යෙදවීමෙන් එම සේවා ස්ථානවල සහ මහජනතාවගේ ආරක්‍ෂාව සහතික කිරීමේ මහඟු සේවයක් ඉටු කරයි.

LRDC සේවා (පුද්) සමාගම
28/10, කිරිමණ්ඩල මාවත, නාවල, රාජගිරිය, ශ්‍රී ලංකාව.
දු.ක: (+94) 11 2 861 948
ෆැක්ස්: (+94) 11 2 888 295
විද්‍යුත් ලිපිනය: info@lrdcservices.com

Visit our Official Website

Like us on Facebook

Follow us on twitter

Susbcribe us on Youtube