If you can't see this message, view it in your browser.

ගාල්ල, මාතර සහ හම්බන්තොට සේවය කරන ආරක්‍ෂක නිලධාරීන්හට විශේෂ පුහුණු වැඩමුළුවක් 2017 ජුලි 16 දින රුහුණු විශ්ව විද්‍යාලයේ පැවැත්විණි. මේ සඳහා ආරක්‍ෂක නිලධාරීන් නිලධාරිනියන් 100කට අධික සංඛ්‍යාවක් සහභාගී වූ අතර මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ උපදේශක බ්‍රිගේඩියර් තිලක් උභයවර්ධන මහතා, කළමණාකාර අධ්‍යක්‍ෂ බන්දුල චන්ද්‍රසේකර මහතා සහ අධ්‍යක්‍ෂ (මෙහෙයුම්) මේජර් උමේන්ද්‍ර‍ වීරසිංහ මහතා මෙම වැඩසටහනට එක්විණි. ආරක්‍ෂක නිලධාරියෙකුගේ වගකීම, කාර්යභාරය මෙන්ම කණ්ඩායම් හැඟීම පිළිබඳ පුහුණු සැසි මෙන්ම දේශනාද පැවැත්විණි.

LRDC සේවා සමාගමේ ආරක්‍ෂක සේවාව නිසි ප්‍ර‍මිතිගත තත්වයකට ගෙන ඒමට සමාගමේ ඉහළ කළමණාකාරීත්වය සැරසේ. මේ සඳහා මූලික වැඩ කටයුතු මේදිනවල සිදුකෙරෙමින් පවතින අතර මෙම ප්‍ර‍මිතිගත කිරීම මඟින් දෙස් විදෙස් පාරිභෝගිකයන්හට වඩාත් ඵලදායී ගුණාත්මක සේවාවක් ලබාදීමට හැකිවේ.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන ක්‍රිකට් තරඟාවලිය සඳහා සුපුරුදු පරිදි මෙවරත් LRDC සේවා සමාගම ආරක්‍ෂාව සපයයි. ශ්‍රී ලංකාවේ ප්‍ර‍සිද්ධ ක්‍රීඩාංගවල පැවැත්වෙන මෙම තරඟාවලියේ ආරක්‍ෂාව සඳහා අවම වශයෙන් ආරක්‍ෂක නිලධාරීන් 200ක් එක් තරඟයකට යෙදවේ. ක්‍රීඩකයන්ගේ සහ ක්‍රීඩාලෝලීන්ගේ ආරක්‍ෂාවද තහවුරු කරමින් ශ්‍රී ලංකාවේ කීර්තිය ජාත්‍යාන්තරයට ගෙනයෑමේ කොටස්කරුවන් බවට පත්වීම පිළිබඳ ආඩම්බරයට පත්වන්නෙමු.

LRDC සේවා සමාගමේ දිවයින පුරා ඇති සේවා ස්ථාන වල සිටින ස්ථාන භාර නිලධාරීන් වෙනුවෙන් දැනුවත් කිරීමේ වැඩමුළු පසුගිය සතිය ඇතුළත පැවැත්විණි. ගුණාත්මක සේවාවක් මහජනයා වෙත ලබාදීමට සහ තමන් භාරයේ සිටින ආරක්‍ෂක නිලධාරීන් නිලධාරිනියන් මනාව හැසිරවීමට උපදෙස් මෙහිදී ලබා දෙන ලදී. කළමණාකාර අධ්‍යක්‍ෂ බන්දුල චන්ද්‍රසේකර මහතා සහ අධ්‍යක්‍ෂක (මෙහෙයුම්) මේජර් උමේන්ද්‍ර‍ වීරසිංහ මහතා ප්‍ර‍මුඛ ආයතනයේ ඉහළ කළමණාකාරීත්වය මෙහිදී ස්ථාන භාර නිලධාරීන් අමතා විශේෂ දේශන පැවැත්විය.

LRDC සේවා සමාගමට නව ප්‍ර‍ධාන කාර්යාලයක් ඉදිකිරීම සඳහා රත්මලාන අත්තිඩිය ප්‍රදේශයෙන් පර්චස් 120ක නව ඉඩමක් විශේෂ කැබිනට් අනුමැතිය සමඟින් පසුගියදා හිමිවිය. මෙහි ඉදිකිරීම් කටයුතු ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවෙන් සිදුකරන අතර අවම වසර 2කින් මෙහි වැඩ කටයුතු අවසන් කිරීමට නියමිතය.

නව කාර්යාලය ඉදිකිරීමට සමගාමීව ආරක්‍ෂක නිලධාරීන් සඳහා පුහුණු පාසලක්ද ඉදිකිරීමටද නියමිතය. මෙම පුහුණු පාසලේ නේවාසිකව ආරක්‍ෂක නිලධාරීන්හට පුහුණු සැසි සහ වැඩමුළු පැවැත්වීමට අදහස් කර තිබේ.

පසුගිය මාසයේ හදිසියේ අප අතරින් වියෝවූ LRDC සේවා සමාගමේ කරන ආරක්‍ෂක නිලධාරීන්හට මෙසේ ගෞරව ආචාර්ය පුදකරමු.

කළාප කළමණාකරු A.S ෆයිසාර් මහතා

LRDC සේවා සමාගමේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඇති 40කට ආසන්න සේවා ස්ථානවල සිටින 120කට අධික ආරක්‍ෂක නිලධාරීන් සහ නිලධාරිනියන් මනාව හැසිරවීමේ කටයුතු, කළාප කළමණාකරු A.S. ෆයිසාර් මහතා විසින් සිදුකරයි. 2013 මාර්තු මස 07 වෙනිදා LRDC සේවා සමාගමට එක්වූ මොහු ත්‍රිකුණාමලය මහ රෝහල, කන්තලේ මූලික රෝහල, ත්‍රිකුණාමලය HDFC බැංකුව ඇතුළු ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පිහිටි ජල සම්පාදන මණ්ඩලයට අයත් සියළුම සේවා ස්ථාන නිරීක්‍ෂණය කරයි.

LRDC සේවා (පුද්) සමාගම
28/10, කිරිමණ්ඩල මාවත, නාවල, රාජගිරිය, ශ්‍රී ලංකාව.
දු.ක: (+94) 11 2 861 948
ෆැක්ස්: (+94) 11 2 888 295
විද්‍යුත් ලිපිනය: info@lrdcservices.com

Visit our Official Website

Like us on Facebook

Follow us on twitter

Susbcribe us on Youtube