If you can't see this message, view it in your browser.

LRDC සේවා සමාගමේ ආරක්‍ෂක සේවාව නිසි ප්‍ර‍මිතිගත තත්වයකට ගෙන ඒමේ අරමුණින් පසුගියදා දිවයින පුරා විසිරී සිටින නිලධාරීන් යොදවා තත්ත්ව කව ස්ථාපිත කෙරිණි. ඒ සඳහා දැනුවත් කිරීමේ වැඩමුළු පසුගිය සතියේ LRDC සේවා ප්‍ර‍ධාන කාර්යාලයේදී පැවැත්විණි. මෙමඟින් අප සමාගමේ සේවය කරන ආරක්‍ෂක නිලධාරීන්ගෙන් ඉටුවන සේවය නිසි ප්‍ර‍මිතිගත තත්වයකට ගෙන ඒමට ඉවහල් වේ.

LRDC සේවා සමාගම නවමු මංපෙතකට දොරවල් විවෘත කරමින් මිනිස්බල (Manpower) සේවා සැපයුම් සේවයක් පසුගියදා ආරම්භ කළේය. පුහුණු/ නුපුහුණු කම්කරුවන් 700කට අධික සංඛ්‍යාවක් පසුගිය දෙසතිය පුරා බඳවාගත් අතර ඔවුන් බෙල්ලන්විල, අත්තිඩිය, කෙරවලපිටිය, කිඹුලාවෙල, මීගමුව, වස්කඩුව, කදුරුවෙල සහ කළුතර වැනි ඉදිකිරීම් ව්‍යාපෘතිවල සේවයේ යොදවා ඇත. ඔබ ආයතනයේද සේවාවන් සඳහා පුහුණු/ නුපුහුණු කම්කරුවන් යෙදවීමට අදම විමසන්න.

අප සමාගමේ සේවය කරන කාන්තා ආරක්‍ෂක නිලධාරිනියන්හට විශේෂ වැඩමුළුවක් 2017 අගෝස්තු 05වෙනි සෙනසුරාදා දින කොළඔ ජාතික රෝහල් ශ්‍ර‍වණාගාරයේදී පැවැත්විණි. ප්‍ර‍ධාන දේශකයා ලෙස Management & Legal Consultants හී මානව සම්පත් හා පරිපාලන අංශ ප්‍රධානි හා ලංකා මානව හිමිකම් සංගමයේ කාන්තා කටයුතු පිලිබඳ අධ්‍යක්‍ෂිකා ප්‍රනීතා වර්නකුලසූරිය මහත්මිය සහභාගී විය. කළමණාකාර අධ්‍යක්‍ෂ බන්දුල චන්ද්‍රසේකර මහතා සහ අධ්‍යක්‍ෂ (මෙහෙයුම්) උමේන්ද්‍ර‍ වීරසිංහ මෙහිදී 200කට අධික කාන්තා ආරක්‍ෂක නිලධාරිනියන් අමතා දේශන පැවැත්වූහ.

උපායමාර්ගික ව්‍යවසාය කළමණාකරණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙස කටයුතු කරන අර්ජුන සෙනෙවිරත්න මහතා පසුගිය සතියේ සිට LRDC සේවා ආයතනයේ උපදේශකයෙකු වශයෙන් රාජකාරි භාරගත්තේය. සුරක්‍ෂාවේ හිණිපෙත්ත කරා යන ගමනේ නියමුවෙකු ලෙස අප සමඟ අත්වැල් බැඳගත් අර්ජුන සෙනෙවිරත්න මහතාගේ මගපෙන්වීම අප අරමුණු කරා ළඟාවීමට මහත් පිටිවහලක් වනු ඇත.

"ගුණාත්මක ආරක්‍ෂක සේවාවකට මඟ පෙන්වමු" මැයෙන් ආරක්‍ෂක නිලධාරීන් සහ නිලධාරිනියන් සඳහා විශේෂ වැඩමුළුවක් 2017 අගෝස්තු 21වන දින ජාතික ජල සම්පාදන මණ්ඩලයේ සොයිසාපුර සහාය සේවා මධස්ථානයේ ශ්‍ර‍වණාගාරයේදී පැවැත්විණි. ජල සම්පාදන මණ්ඩලයේ ආරක්‍ෂක අධිකාරී S.A. සමරසේකර මහතා විසින් ප්‍ර‍ධාන ආරාධිත දේශනය පැවැත්වූ අතර කළමණාකාර අධ්‍යක්‍ෂ බන්දුල චන්ද්‍රසේකර මහතා සහ අධ්‍යක්‍ෂ (මෙහෙයුම්) උමේන්ද්‍ර‍ වීරසිංහ මහතාද මෙහිදී පැමිණි සිටි අධික ආරක්‍ෂක නිලධාරී නිලධාරිනියන් අමතා දේශන පැවැත්වූහ.

කළාප කළමණාකරු R. ධර්මසේන මහතා

බදුල්ල, මොණරාගල සහ නුවරඑළියේ පිහිටා තිබෙන රජයේ මහ රෝහල්, HDFC බැංකු සහ ජාතික ජල සම්පාදන මණ්ඩලයට අයත් සේවා ස්ථාන ඇතුළු සේවා ස්ථාන 40ට අධික සංඛ්‍යාවක් මොහු විසින් නිරීක්‍ෂණය කරන අතර එම සේවා ස්ථානවල සේවය කරන 200කට අධික ආරක්‍ෂක නිලධාරීන් සහ නිලධාරිනියන්ගේ විනය, හැදියාව සහ මනාව හැසිරවීමේ කටයුතු මොහු විසින් සිදු කරයි. වසර 12ක සේවා කාලයේ ඔහුගේ පරිනත අත්දැකීම් මත අප සේවාලාභීන් වෙත උසස් සේවාවක් ලබා දීමට හැකිවී ඇත.

LRDC සේවා (පුද්) සමාගම
28/10, කිරිමණ්ඩල මාවත, නාවල, රාජගිරිය, ශ්‍රී ලංකාව.
දු.ක: (+94) 11 2 861 948 / 2 860 022 / 2 860 023
ෆැක්ස්: (+94) 11 2 888 295
විද්‍යුත් ලිපිනය: info@lrdcservices.com

Visit our Official Website

Like us on Facebook

Follow us on twitter

Susbcribe us on Youtube