If you can't see this message, view it in your browser.

LRDC සේවා සමාගමට වසර 18ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කරන ලද පරිත්‍රාන ධර්මදේශනය 2017.09.22 සහ ගරුතර මහා සංඝරත්නය උදෙසා සංඝගත දක්‍ෂිණාව පිරිනැමීම 2017.09.23 දින LRDC සේවා ප්‍ර‍ධාන කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

මෙම පුණ්‍යකර්මය පවත්වනු ලබන්නේ, LRDC සේවා සමාගමේ සේවය කොට අප අතරින් වියෝවුණු සියළුම නිලධාරී මහත්ම මහත්මියන්ට පිං අනුමෝදන් කිරීමටත්, දැනට දිවයින පුරා සේවයේ යෙදී සිටින 4000කට ආසන්න වූ නිලධාරීන් ඇතුළු සේවක සේවිකා පිංවතුන්ට නීරෝගි සුවය ප්‍රාර්ථනා කරමින් ආශිර්වාද කිරීමටත්, එමෙන්ම ආයතනයේ නව ව්‍යාපාරික සැලැස්ම ක්‍රියාවට නඟන මෙම අවස්ථාවේ, LRDC සේවා ආයතනයේ සියළු අනාගත ව්‍යාපාරික කටයුතු සාර්ථක කරගැනීම වස් ඊට ආශිර්වාද ලබාගැනීමටත්ය.

වැඩිදුර ඡායාරූප සඳහා

LRDC සේවා සමාගමේ සේවය කරන නිලධාරීන්හට නායකත්ව පුහුණු වැඩමුළු මාලාවක ආරම්භය සනිටුහන් කරමින් ප්‍ර‍ධාන කාර්යාලයේ නියුතු නිලධාරීන්හට පසුගිය ඔක්තෝබර් 5 සිට 7 දක්වා නායකත්ව පුහුණු වැඩමුළුවක් ඌව කුඩාඔය කොමාන්ඩෝ පුහුණු පාසලේදී පැවැත්විණි.

කණ්ඩායම් ක්‍රියාකාරකම් රැසකට සහභාගීවූ නිලධාරීන් සහ නිලධාරිනියන්ට තමන්ගේ කණ්ඩායම් හැඟීම, තීරණ ගැනීමේ හැකියාව සහ නායකයෙකුගේ ගුණාංග වර්ධනය කරගැනීමට මෙහිදී හැකි විය. ඉදිරියේදී අප ආයතනයේ ක්‍ෂේත්‍රයේ නියුතු නිලධාරීන් සඳහාද මෙම නායකත්ව පුහුණු වැඩමුළුව සඳහා සහභාගී කරවීමට LRDC සේවා සමාගම කටයුතු යොදා ඇත.

පුහුණු වැඩමුළුවට සහභාගී වූ ප්‍ර‍ධාන කාර්යාලීය සේවක සේවිකාවන්...

කොළඹ, කටුනායක පිහිටි ශ්‍රී ලංකාවේ සුප්‍ර‍සිද්ධ සිමෙන්ති අලෙවිකරන ආයතනයක් වන Insee සිමෙන්ති ආයතනයේ සහ ශ්‍රී ලංකා ජාතික රූපවාහිනි සංස්ථාවේ ආරක්‍ෂාව රාජකාරී දැන් අප ආයතනය විසින් සපයයි. ආරක්‍ෂක නිලධාරීන් 35කට ආසන්න සංඛ්‍යාවක් සේවයේ යොදවමින් මහජනතාවගේ ආරක්‍ෂාව සුරක්‍ෂිත කිරීමට පෙර මෙන් අදටත් LRDC සේවා සමාගම බැඳී සිටියි.

"ගුණාත්මක ආරක්‍ෂක සේවාවකට මඟ පෙන්වමු" මැයෙන් විශේෂ වැඩමුළුවක් 2017 සැප්තැම්බර් 30වන දින ජාතික ජල සම්පාදන මණ්ඩලයේ සොයිසාපුර සහාය සේවා මධස්ථානයේ ශ්‍ර‍වණාගාරයේදී පැවැත්විණි. ජල සම්පාදන මණ්ඩලයේ ආරක්‍ෂක අධිකාරී S.A. සමරසේකර මහතා විසින් ප්‍ර‍ධාන ආරාධිත දේශනය පැවැත්වූ අතර කළමණාකාර අධ්‍යක්‍ෂ බන්දුල චන්ද්‍රසේකර මහතා සහ අධ්‍යක්‍ෂ (මෙහෙයුම්) උමේන්ද්‍ර‍ වීරසිංහ මහතාද මෙහිදී පැමිණි සිටි ආරක්‍ෂක නිලධාරී නිලධාරිනියන් අමතා දේශන පැවැත්වූහ. මේ අතරම හදිසි අනතුරක් හේතුවෙන් අප අතරින් සමුගත් ආරක්‍ෂක නිලධාරී වෙනුවෙන් ඔහුට හිමි රක්‍ෂණ වන්දි මුදල් රු.ලක්‍ෂ 15ක් ඔහුගේ පවුලේ අය වෙත ප්‍ර‍දානය කිරීමද මෙහිදී සිදුවිය.

කළාප කළමණාකරු - L.J.M. ජයසිංහ මහතා

LRDC සේවා සමාගමේ කළාප කළමණාකාරවරයෙකු වශයෙන් සේවය කරන L.J.M. ජයසිංහ මහතා 2012 වර්ෂයේ සිට කලාප කළමණාකරුවෙකු වශයෙන් සේවය කරයි. මහනුවර සහ පේරාදෙණිය පිහිටි සේවා ස්ථාන 46ක සේවය කරන ආරක්‍ෂක නිලධාරීන් 225කට ආසන්න සංඛ්‍යාවක් මොහු යටතේ සේවය කරන අතර පේරාදෙණිය පිහිටි සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ළමා රෝහල, පේරාදෙණිය මහ රෝහල, නුවර-ගම්පොළ-මාතලේ පිහිටි HDFC බැංකු සහ නුවර ප්‍රදේශයේ සහ ඒ අවට පිහිටි සියළුම ජල සම්පාදන මණ්ඩලයේ ආයතන වල ආරක්‍ෂාව සහතික කරමින් ආරක්‍ෂක නිලධාරීන් යෙදවීමේ මහඟු සේවයක් ඔහු විසින් ඉටු කරයි.

LRDC සේවා (පුද්) සමාගම
28/10, කිරිමණ්ඩල මාවත, නාවල, රාජගිරිය, ශ්‍රී ලංකාව.
දු.ක: (+94) 11 2 861 948
ෆැක්ස්: (+94) 11 2 888 295
විද්‍යුත් ලිපිනය: info@lrdcservices.com

Visit our Official Website

Like us on Facebook

Follow us on twitter

Susbcribe us on Youtube